Home උණුසුම් පුවත් “කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්නෙ නෑ”

“කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්නෙ නෑ”

“කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්නෙ නෑ”

වගා හානි සම්බන්ධයෙන් වන්දි ලබාදෙන්නේ රජය ලබාදුන් පොහොර වර්ග හතර භාවිත කළ ගොවීන් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (2) පැවසුවා.

අපි කාබනික ඝන පොහොර ,ජෛව දියර පොහොර , පොටෑසියම් ක්ලොරයිඩ් සහ නැනෝ නයිට්‍රජන් දුන්නා. මේ පොහොර වර්ග 4ම භාවිත කර නිෂ්පාදනය අඩුවුනොත් තමයි වන්දි ගෙවන්නේ. එහෙම නැතුව ගොවියා කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්න බැහැ.

කාබනික වගාවේ හොඳ පැත්ත ගැන කිසිම කෙනෙක් කතා කළේ නැහැ. රජයවත් මේ වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ජනතාවගේ වකුගඩුව නැතිවෙන එක ගැන, රටේ මිනිස්සුන්ට වහදෙන එක ගැන ඇයි අපි කතා කරන්නේ නැත්තේ? හැමෝම පෙනී හිටියේ රසායනික පොහොර සමාගම් වෙනුවෙන් පමණක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here