Home දේශීය පුවත් අවම බස් ගාස්තුව රුපියල් 16 වන ලකුණු

අවම බස් ගාස්තුව රුපියල් 16 වන ලකුණු

0
අවම බස් ගාස්තුව රුපියල් 16 වන ලකුණු

අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා ඉහළ දැමීමට බස් සංගම් එකඟවී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ තොරතුරු සඳහන් කළේය.

ඒ ප්‍රවාහන අමාත්‍යාංශය සහ බස් සංගම් සමග පැවති සාකච්ඡාවක එකඟතාවයකට අනුව බව පැවසේ.

මේ වන විට අවම බස් ගාස්තුව ලෙස ක්‍රියාත්මක වන්නේ රුපියල් 14 කි. ඒ අනුව අවම බස් ගාස්තුව ඉහළ යන්නේ රුපියල් 02 කිනි.

බස් සංගම් පසුගිය සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට යෝජනාකර තිබුණේ අවම බස් ගාස්තුව රුපියල් 17 කින් ඉහළ නැන්විය යුතු බවය. ඒ අතර ඇතැම් බස් සංගම් මාධ්‍ය හමුවලදී සදහන් කරනු ලැබුවේ අවම බස් ගාස්තුව රුපියල් 20 ක්වත් විය යුතු බවය.

ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනු ලබන්නේ ලබන බදාදා වන විට සංශෝධිත නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here