Home දේශීය පුවත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට රැවුල් කොණ්ඩෙ වවන හැටි කියා දෙයි

පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට රැවුල් කොණ්ඩෙ වවන හැටි කියා දෙයි

0
පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට රැවුල් කොණ්ඩෙ වවන හැටි කියා දෙයි

සමාජයේ විශේෂ අවධානයක් යොමුවන ආකාරයට කොණ්ඩය සහ රැවුල් වවාගෙන නොසිටින ලෙසට පොලීසියේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට එහි ප්‍රධානියා විසින් දැනුම් දී තිබේ.

පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවයේ නිරතව සිටින නිලධාරීන්ට දැඩිව එම උපදෙස ලබාදී ඇත. කොණ්ඩා රැවුල් වවාගෙන කොණ්ඩා රැවුල් පාට ගන්වාගෙන පොලිස් ස්ථානවල වැඩිපුර ගැවසෙන විට එම නිලධාරීන්ව සමාජයේ විශේෂ අවධානයට ලක්වන බව බුද්ධි අංශ ප්‍රධානියාගේ මතය වී තිබේ.

එබැවින් කොණ්ඩය සහ රැවුල් වවාගෙන සේවය කළ යුත්තේ ඒ ඒ පරිසරයට උචිත ආකාරයෙන් බව අවධාරණයකර ඇති බුද්ධි අංශ ප්‍රධානියා බුද්ධි නිලධාරීන්ට දැමුදී ඇත්තේ සාමාන්‍ය පුරවැසියන් ලෙස බුද්ධි රාජකාරි කිරීමෙන් සමාජයේ විශේෂ අවධානයක් යොමු නොවන බවය.

මෙම උපදෙස් පිළි නොගෙන කටයුතු කරන බුද්ධි නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවද බුද්ධි අංශ ප්‍රධානියා විශේෂ කාර්යාංශයේ සියළුම බුද්ධි අංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here