Home උණුසුම් පුවත් දුම්රිය වර්ජනය අදත් – හෙට සිට අඛණ්ඩව

දුම්රිය වර්ජනය අදත් – හෙට සිට අඛණ්ඩව

දුම්රිය වර්ජනය අදත් – හෙට සිට අඛණ්ඩව

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් දියත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (25) ක්‍රියාත්මක වේ.

වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට නියමිත පාර්සල් භාරගැනීමෙන් සහ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ද දුම්රිය ස්ථානාධිපතිවරු වැළකී සිටිති.

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නොමැතිකම, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු විසඳීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වීම, සංඥා පද්ධති ආශ්‍රිත ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටියේ සිකුරාදා (24) පැවති සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවයි.

ඒ අනුව විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් හෙට (26) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඔවුහු කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here