Home උණුසුම් පුවත් නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17ක් අක්තපත්‍ර භාරදෙති

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17ක් අක්තපත්‍ර භාරදෙති

0
නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17ක් අක්තපත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටිති.

සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානාව, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහ කොමසාරිස්වරු පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here