Home උණුසුම් පුවත් බන්ධනාගාර රැදවියන්ට හෙට සිට නත්තල්

බන්ධනාගාර රැදවියන්ට හෙට සිට නත්තල්

බන්ධනාගාර රැදවියන්ට හෙට සිට නත්තල්

නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවුවන්ට අමුත්තන් හමුවීමටත්, නිවසින් ගෙනෙන බත් පාර්සල් ලබාගැනීමටත් අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසීය.

ඒ අනුව හෙට(23) සිට ලබන 27 දින දක්වා (26 දින,ඉරිදා හැර) ⁣රැදවියන්ට මෙම සහනය ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළට අනුව රැඳවුවන්ට සිය ඥාතියෙකු හෝ රැඳවියා නම් කරන වෙනත් අයකු විසින් රැගෙන එනු ලබන බත් පාර්සලයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

එමෙන්ම අදාළ රැඳවියන්ට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍ය වන කිරිපිටි, සීනී, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදීගැනීමට රුපියල් 2500/- මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර (එක් වරක්පමණක්) පවතින නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ලබා දීමට අවස්ථාව උදාකර දී ඇත).

මෙයට අමතරව නත්තල් උත්සවය වෙනුවෙන් ,බන්ධනාගාරයන් තුළ සිදු කරන ආගමික දේවමෙහෙයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here