Home උණුසුම් පුවත් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය හිටපු මන්ත්‍රීගේ මරණයට හේතුව හෙළිවෙයි

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය හිටපු මන්ත්‍රීගේ මරණයට හේතුව හෙළිවෙයි

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය හිටපු මන්ත්‍රීගේ මරණයට හේතුව හෙළිවෙයි

හුංගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීගේ මරණයට හේතුව හෘදයාබාධයකින් රුධිරවාහිණී අවහිරතාව බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ බව අනාවරණය වී ඇත්තේ අද (19) සිදුකර තිබූ ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව මගිනි.

හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.

ඊයේ (18) දහවල් හුංගම පොලිස් වසමේ රන්න නගරයේ හෝටලයක බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු මුදලට විකිණීම සම්බන්ධයෙන් ප්‍රේමතිලක අමරවීර නමැති 61 හැවිරිදි ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඔහු එකවරම ඇද වැටී තිබූණි.

පසුව රන්න රෝහලට ඇතුළත් කළද ඔහු මියගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here