Home උණුසුම් පුවත් ගෙදරටම ඩිලිවරි කරන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව

ගෙදරටම ඩිලිවරි කරන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව

ගෙදරටම ඩිලිවරි කරන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව
File photo

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවට සතොස හරහා ලබාදෙන විශේෂ සහන මල්ල නිවසටම ගෙන්වා ගත හැකි ආකාරය පිළිබඳ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පැවසීය.

මේ වනවිට වෙළෙඳපොළේ රුපියල් 2,751ක පමණ වටිනාකමැති භාණ්ඩ මල්ලක් සතොස මගින් රුපියල් 1998කට මෙමගින් ලබාගත හැකිය.

එම විශේෂ සහන මල්ල සඳහා සම්බා සහල් කිලෝ 10ක්, දුඹුරු සීනි කිලෝ 2ක්, නූඩ්ල්ස් පැකට් 1ක්, තේ කොළ ගෑම් 100ක්, හාල්මැස්සෝ ගෑම් 250ක්, සබන් කැට 2ක් සහ පපඩම් පැකට් 1ක් ඇතුළත්ය.

1998 අංකය ඇමතීමෙන් එම සහන මල්ල ඇනවුම් කළ හැකිය.

0115 201 998 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් මගින් ද අදාළ සහන මල්ල ඇනවුම් කිරීමේ හැකියාව පවතී.

සඳුදා සිට බෙදාහැරීමේ කටයුතු ඇරඹීමට සතොස පියවර ගෙන තිබේ.

රට පුරා ඕනෑම නිවසකට පැය 48ක් තුළ ලබා දිය හැකි අයුරින් සැලසුම් කර ඇති බැවින් මෙම භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු වෙනත් ආයතනයකට බාරදී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීය.

ඩිලිවරි ගාස්තුව සහන මිලක් අයකරනු ඇති බව ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here