Home උණුසුම් පුවත් GMOA බලපෑම් නිසා වෛද්‍ය පරිපාලක පත්වීම් දීගන්න බෑ

GMOA බලපෑම් නිසා වෛද්‍ය පරිපාලක පත්වීම් දීගන්න බෑ

GMOA බලපෑම් නිසා වෛද්‍ය පරිපාලක පත්වීම් දීගන්න බෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් සුදුසුකම් ලත් වෛද්‍ය පරිපාලකයින්ට පත්වීම් ලබාදීමට නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය චෝදනා කරයි.

පශ්චාත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ඇති ඕනෑම අයෙකුට වෛද්‍ය පරිපාලනයට සම්බන්ධ විය හැකි යැයි යන්න නීතියට පටහැනි අදහසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දරන බවද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන, ජේෂ්ඨ වෛද්‍ය පරිපාලන සහ නියෝජ අධ්‍යක්ෂ ජනරාල් වැනි තනතුරු 117ක් පුරප්පාඩුව පවතින බවද ඔහු කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප කිහිපදෙනකුගේ පටු අරමුණු මූලික කොටගත් ක්‍රියාකලාපයන් නිසා මෙම ගැටලූ මතුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here