Home දේශීය පුවත් වන අලියෙකු හා ගැටුණු බන්ධනාගාර වෑන් රථයේ සිටි නියාමක මිය යයි

වන අලියෙකු හා ගැටුණු බන්ධනාගාර වෑන් රථයේ සිටි නියාමක මිය යයි

0
වන අලියෙකු හා ගැටුණු බන්ධනාගාර වෑන් රථයේ  සිටි නියාමක මිය යයි
Asian elephant head close up.

මැගසින් බන්ධනාගාරයේ සිට මඩකලපුව බන්ධනාගාරයට රැඳවූවෙක් රැගෙන ගොස් භාර දී නැවත කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක අද අළුයම වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් බන්ධනාගාර නියාමකයෙක් මියගොස් තිබේ.

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතන දී මෙම අනතුර සිදුව ඇත්තේ වන අලියා මාර්ගය හරහා ගමන් කිරීමේදීය. වන අලියාගේ සිරුරෙහි ගැටුණු වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැණ අසල තිබුණු තාප්පයක ගැටී ඇතැයි පොලීසිය කියයි.

අනතුර සිදුවන විට වෑන් රථයේ රියදුරු සහ නියාමකවරු දෙදෙනෙක් ගමන් කරමින් සිට ඇත. මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ ගමන් කළ නියාමකවරයාය.

එසේ මියගොස් ඇත්තේ කේ.එම්. ප්‍රියන්ත කුලතුංග පෙරේරා නැමැති හතලිස් හතර හැවරදි නියාමකවරයෙක් බව සීගිරිය පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here