Home දේශීය පුවත් උණුසුම් පුවත් චෙක් රාජ්‍යයේ ධනවතා හෙලිකොප්ටර් අනතුරකින් මරුට

චෙක් රාජ්‍යයේ ධනවතා හෙලිකොප්ටර් අනතුරකින් මරුට

චෙක් රාජ්‍යයේ ධනවතා  හෙලිකොප්ටර් අනතුරකින් මරුට

චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන පීටර් කෙල්නර් ඇලස්කාවේ හෙලිකොප්ටර අනතුරකින් මිය ගොස් තිබේ.

56 හැවිරිදි කෝටිපතියෙකු වන චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා වන පීටර් පීපීඑෆ් සමූහයේ නිර්මාතෘවරයා ය.

පීපීඑෆ් සමූහය ප්‍රධාන වශයෙන් යුරෝපය, ආසියාව සහ එක්සත් ජනපදය යන රටවල ව්‍යාපාරවල රක්ෂණ, මූල්‍ය, විදුලි සංදේශ, නිෂ්පාදන, මාධ්‍ය හෝ ජෛව තාක්ෂණයට සම්බන්ධ විය.

1990 දශකයේ මුල් භාගයේ කාර්යාල සැපයුම් විකිණීමෙන් ව්‍යාපාරය ආරම්භ කළ ඔහු ඩොලර් බිලියන 17.5 ක ඇස්තමේන්තුගත ධනයකට හිමිකම් කීය.

පසුව ඔහු ෆෝබ්ස් සඟරාව මඟින් ප්‍රකාශයට පත්කරන ලෝක බිලියනපතියන්ගේ ලැයිස්තුවේ අංක 68 ස්ථානයට පත්විය.

ඔහු ආයෝජන අරමුදලක් ආරම්භ කළ අතර එය පුද්ගලීකරනය කිරීමේදී විශාලතම චෙක් රක්ෂණ සමාගමෙහි කොටස් මිලදී ගැනීමට භාවිතා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here