Home දේශීය පුවත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයෙන් පාඩම් රැසක් අඩුකරයි

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයෙන් පාඩම් රැසක් අඩුකරයි

0
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයෙන්  පාඩම් රැසක් අඩුකරයි

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට නිසිලෙස අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිවූ බැවින් ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ට මුහුණ දෙන දරුවන්ගේ විෂය කොටස් සංශෝධනය කිරිමට මේ වන විට පියවර ගනිමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සදහන් කළේය.

ඒ අනුව දැනට 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණිතය, විද්‍යාව ඇතුළු විෂයන් රැසකම පාඩම් කොටස් කිහිපයක්ම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පාසල් ගුරුවරුන්ව දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අද සදහන් කළේය.

කොවිඩ් වසංගත තත්වය නිසා දිගු කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ඇගයෙන විෂය කරුණු තීරණය කර සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here