Home උණුසුම් පුවත් සෞඛ්‍ය වෘත්තීන් 15ක් අනිද්දා වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීන් 15ක් අනිද්දා වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීන් 15ක් අනිද්දා වර්ජනයක

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක සාමාජික සාමාජිකාවෝ ලබන අඟහරුවාදා (09) එක් දින වැඩ වර්ජනයකට නිරත වෙති.

වෛද්‍ය, රසායනාගාර විද්‍යාඥ, හෙද, ඖෂධවේදීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය 15ක නියෝජනයෙන් එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

එම වැඩ වර්ජනය අඟහරුවාදා පෙරවරු 8 ට ආරම්භ කර පසුදින පෙරවරු 8ට නිම කරන බව ද රවි කුමුදේශ් මහතා පැවසීය.

වැටුප් විෂමතා ඉවත් නොකිරීම, වෘත්තීයවේදී උපාධියට හිමි තනතුරුවල නොපිහිටුවීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් ස්ථාපිත නොකිරීම, ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් එම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවද රවි කුමුදේශ් මහතා කීය.

වසර හතරක විශේෂවේදී උපාධියක් ලැබූ සෞඛ්‍ය වෘත්තීයවේදීන් මේ වන විට ඩිප්ලෝමාධාරීන්ගේ වැටුපකට හිර කර තිබෙන බවද කුමුදේශ් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here