Home උණුසුම් පුවත් අවුරුදු 63 සේවා දිගු දීලත් අවුලක්

අවුරුදු 63 සේවා දිගු දීලත් අවුලක්

අවුරුදු 63 සේවා දිගු දීලත් අවුලක්

අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කිහිපයකට පමණක් වයස අවුරුදු 63 වන තෙක් සේවා දිගු ලබා දීමෙන් රාජ්‍ය සේවාව බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇතත් පරිපූරක වෛද්‍ය සේවාවට එවැනි දීර්ඝ කිරීමක් ලබාදී නැතැයි ද කුමුදේශ් මහතා කීය.

පරිපූරක වෛද්‍ය සේවාවට අදාල තනතුරුවලට වයස අවුරුදු 63 දක්වා සේවා දිගු ලබාදීම කැබිනට් පත්‍රිකාව මාස 2කට අධික කාලයක් තිස්සේ මුදල් අමාත්‍යාංශයේ සිට වී තිබෙන බවද ඔහු කීය.

සේවාවන් 2කට පමණක් අවිචාරවත් ලෙස ලබාදී ඇති සේවා දිගු ලබාදීම නිසා ඇතිවී තිබෙන ව්‍යාකූලතාවය නැති කිරීමට නම් අනෙකුත් සේවාවන්වලටද සේවා දිගු ලබාදීම දීම අනිවාර්ය බවද රවි කුමුදේශ් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here