Home COVID එන්නත් මඟහරින කොවිඩ් ප්‍රභේදයක්

එන්නත් මඟහරින කොවිඩ් ප්‍රභේදයක්

එන්නත් මඟහරින කොවිඩ් ප්‍රභේදයක්

COVID-19 කොරෝනා වයිරසයේ A.30 නම් ප්‍රභේදයට ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මග හැරිය හැකි බවට ජර්මනියේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සොයාගෙන තිබේ.

මෙය නව ප්‍රභේදයක් නොව පැරණි ප්‍රභේදයක් බවත් කෙසේ වෙතත්, මෙම ප්‍රභේදය මාස ගණනාවක් තිස්සේ වාර්තා වී නොමැති බවත් ඔවුන් දන්වා ඇත.

අවසාන A.30 සාම්පල මේ වසරේ මැයි සහ ජුනි අතර වාර්තා වූ බව ද විදෙස් වාර්තා පවසයි.

COVID ප්‍රභේද නිරීක්ෂණ ජාලය වන GISAID ට අනුව, ලොව පුරා වාර්තා වී ඇත්තේ A.30 රෝගීන් පහක් පමණි.

එය ඇන්ගෝලාවේ තුනක්, ස්වීඩනයේ එකක් සහ එක්සත් රාජධානියේ එකක් වශයෙන් වාර්තා වී ඇති බව ජර්මානු විශේෂඥ කණ්ඩායම පවසා ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එන්නත් මගින් ඇතිවන ප්‍රතිදේහවලින් ගැලවීමට මෙම නව ප්‍රභේදය ඉහළ කාර්යක්‍ෂම බව හඳුනාගෙන ඇති බැවින් මේ පිළිබඳ අවධානය යොමු කළ බව හෙතෙම කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here