Home උණුසුම් පුවත් අක්කරෙයිපත්තුවේ වගුරුබිම් ගොඩකරයි – කලපුවත් ඒ අතර

අක්කරෙයිපත්තුවේ වගුරුබිම් ගොඩකරයි – කලපුවත් ඒ අතර

0
අක්කරෙයිපත්තුවේ වගුරුබිම් ගොඩකරයි – කලපුවත් ඒ අතර

අක්කරෙයිපත්තුවේ වගුරුබිම් සංවිධානාත්මකව ගොඩකිරීමේ ඡාවාරමක් මේ වන විට ක්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්ය බලකාය හෙළිකරගෙන තිබේ.

කඩා ඉවත්කරන ගොඩනැගිලි ද්‍රව්‍ය දමමින් වගුරුබිම් ගොඩකිරීම් සිදුවන බවත් එම වගුරුබිම් වලට ඔප්පු පවා ඔවුන් සකස්කරගෙන ඇති බව ඒ සම්බන්දයෙන් කළ විමසුමකදී අක්කරෙයිපත්තුව පොලීසිය සදහන් කරයි.

එම වගුරුබිම් ගැසට්කර නොමැති බැවින් ඡාවාරම්කරුවන් නීතියෙන් රිංගමින් මෙම ඡාවාරම සිදුකරන බව ද අක්කරෙයිපත්තුව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

දිගින් දිගටම වැටලීම් කළත් නීතියේ අඩුපාඩු හේතුවෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නිදහස් කිරීමට සිදුවන බවද එම නිලධාාරියා පැවසීය.

පොලිස් මූලස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ අක්කරෙයිපත්තුව පොලිස් වසමේ උත්පලං කලපු ප්‍රදේශය ගොඩකරමින් සිටි පුද්ගලයෙක් බැකෝ යන්ත්‍රයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. 39 වියැති සැකකරු අක්කරෙයිපත්තුවේ පදිංචිකරුවෙක් බවත් ඔහුව බැකෝ යන්ත්‍රය සමග අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානයට භාරදී ඇති බවත් එහි වැඩිදුරටත් සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here