Home උණුසුම් පුවත් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති 16ක් අද සිට සත්‍යග්‍රහයක

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති 16ක් අද සිට සත්‍යග්‍රහයක

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති 16ක් අද සිට සත්‍යග්‍රහයක

ගුරු විදුහල්පති වෘත්තිය සමිති 16කින් සමන්විත ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව අද (25) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික සංවිධාන එකමුතුවට අයත් ශ්‍රී ලංකා ගුරුවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉන්දික පරණවිතාන මහතා සඳහන් කළේ අඛන්ඩ සත්‍යග්‍රහය අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නොවැම්බර් 12 වැනි දින දක්වා පැවැත්වෙන බව ය.

එම අඛණ්ඩ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානය සහ වේලාව අද ප්‍රකාශ කරන බවද ඉන්දික පරණවිතාන මහතා පැවසීය.

විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව කලින් නිවේදනය කළේ අද දිනයේ පාසල්වලට පැමිණීමෙන් වැළකී සිටින බව ය.

එහෙත් අද දිනයේ තම සංගමයට අයත් සාමාජික විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සේවයට වාර්තා කරන බව ද පරණවිතාන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here