Home උණුසුම් පුවත් කට නිසා රාජා කොල්ලුරේ කොමියුනිස්‍ට් පක්ෂ සභාපති ධුරයෙන් දොට්ට

කට නිසා රාජා කොල්ලුරේ කොමියුනිස්‍ට් පක්ෂ සභාපති ධුරයෙන් දොට්ට

කට නිසා රාජා කොල්ලුරේ කොමියුනිස්‍ට් පක්ෂ සභාපති ධුරයෙන් දොට්ට

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහි දී පියවර ගෙන තිබේ.

වයඹ ආණ්ඩුකාර ධුරය ද දරන රාජා කොල්ලුරේ මහතා ඉකුත්දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩ වර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළේය.

ඒ මහතාගේ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිතිවල දැඩි විවේචනයට ලක්විය.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොල්ලුරේ මහතා සභාපති තනතුරෙන් ඉවත් කිරීමට අද පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here