Home උණුසුම් පුවත් බ්‍රිතාන්‍ය මහරැජින රෝහලේ රැය පහන් කරයි

බ්‍රිතාන්‍ය මහරැජින රෝහලේ රැය පහන් කරයි

0
බ්‍රිතාන්‍ය මහරැජින රෝහලේ රැය පහන් කරයි

ලොව වැඩිම කාලය් රාජ්‍යත්වය දරණ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින හට රෝහලයේ රැයක් පහන් කිරීමට සිදුව තිබේ.

මේවන වන විට 95 හැවරිදි වියේ පසුවය රැජින මධ්‍යම ලන්ඩනයේ පිහිටි හයවන එඩ්වඩ් රජු නමින් හැදින්වෙන පුද්ගලික රෝහලකට ඇය ඉකුත් බදාදා ඇතුලත් කර ඇත.

එහිදී ඇය විශේෂ පරික්ෂාවකට ලක්ව ඇති අතර පසුව එදින රාත්‍රිය රෝහලේම ගත කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව බකිම්හැම් මාලිගය නිවේදනය කර තිබේ.

රැජිනගේ මෙම රෝහල්ගතවී කොරෝනා වෛරසයට සම්බන්ධ කාරණයක් නොවන බවද හුදෙක් වෛද්‍ය උපදෙස් මත සිදු කළ පරීක්ෂණය් පමණක් බවද බකිම්හැම් මාලිගය සඳහන් කරයි.

ඒ අනුව රැජින බ්‍රහස්පතින්දා දහවල් වන විට යලිත් මාලිගයට පැමිණ ඇති අතර ඇගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත් බවද බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඇය ඉදිරි දින කිහිපය විවේකයෙන් ගත කිරීමට නියමිත බවත් ඒ අනුව උතුරු අයර්ලන්තයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය අවලංගු කළ බවද බකිම්හැම් මාලිය වැඩි දුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here