Home උණුසුම් පුවත් ගුරුවරුන් වෙනුවට ආදේශකයින් යොදා පාසල් අරිනවට විරෝධයක්

ගුරුවරුන් වෙනුවට ආදේශකයින් යොදා පාසල් අරිනවට විරෝධයක්

ගුරුවරුන් වෙනුවට ආදේශකයින් යොදා පාසල් අරිනවට විරෝධයක්

ගුරුවරුන් වෙනුවට වෙනත් ආදේශකයින් යොදවා පාසල් විවෘත කිරීමේ රජයේ ප්‍රතිපත්තියට විරෝධය දක්වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.

මේ මස 21 වැනි දින පාසල් විවෘත කිරීමට පූර්ණ එකඟතාවය පළ කරන නමුත් ආණ්ඩුව කටයුතු කළ යුත්තේ වැටුප් ගැටලුව විසඳා ගුරුවරුන් එදිනට පාසල්වලට පැමිණීමට සැලැස්විම බව ද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

දරුවන්ට ඉගැන්වීම පුහුණුව ලත් ගුරුවරුන් ට කළ හැකි නමුත් වෙනත් රාජ්‍ය නිලධාරීන්ට එය කළ නොහැකි බව ද ඔහු කීය.

ආණ්ඩුව අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් ග්‍රාම නිලධාරීන් හා වෙනත් සේවකයින් යොදවා පාසල් බලහත්කාරයෙන් විවෘත කිරීමට සූදානම් වන බවද ඊට එකඟ විය නොහැකි බව බවද චන්දන සූරියආරච්චි මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here