Home උණුසුම් පුවත් වාහන මිලේ බුබුළ බිඳින යෝජනාවක් මහබැංකුවෙන් රජයට දෙන්න සූදානම්

වාහන මිලේ බුබුළ බිඳින යෝජනාවක් මහබැංකුවෙන් රජයට දෙන්න සූදානම්

වාහන මිලේ බුබුළ බිඳින යෝජනාවක් මහබැංකුවෙන් රජයට දෙන්න සූදානම්

දැනට තහනම් කර ඇති වාහන ආනයන සීමාව සංශෝධනය කොට ඩොලර් අර්බුදයත් විසඳී වාහන ආනයනය කළ හැකි යෝජනාවක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කිරීමට සූදානම් වෙයි.

අද (14) පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ, මෙරටට වාහන ආනයනය කිරීමේදී සියලු ආනයන වියදම් විදෙස් මුදලින් ගෙවීම සිදුකිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව රජයට කඩිනම් යෝජනාවක් ඉදිරිපත් කරන බවය.

“වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇතිවෙනවා අපි දකිනවා. ඒ තුළින් සමහරවිට අපේ පද්ධතියට යම් හානියක් වෙන්න පුළුවන් ඉදිරි කාලයකදී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, වාහන ගෙන්වීමට පුළුවන් නම් පිටරට මුදල්වලින්. ඊටත් අමතරව පිටරට මුදල්වලින් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒ තුළින් විදේශ විනිමය ගලාඒමක් සිදුවෙනවා. අවශ්‍ය භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට අපි රජයට ඒ පිළිබඳව ලිඛිතව දන්වන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ද මහබැංකු අධිපතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here