Home උණුසුම් පුවත් නෙළුම් කුළුනේ වැඩ අවසන්- ඉදිරි කටයුතු සදහා අක්කර 04 ක්

නෙළුම් කුළුනේ වැඩ අවසන්- ඉදිරි කටයුතු සදහා අක්කර 04 ක්

0
නෙළුම් කුළුනේ වැඩ අවසන්- ඉදිරි කටයුතු සදහා  අක්කර 04 ක්

කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ නව ඉදිකිරීම් සදහා නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 04 කට අධික භූමියක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට පවරාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වෙමින් පවතින අතර එහි වාණිජකරණ සහ මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටී.

දේශීය හා වි‍දේශීය නරඹන්නන් ආකර්ශනය කර ගැනීම සඳහා එම කුළුණට ආසන්නව බේරේ වැව ආශ්‍රිත ව නවීන ජල සංදර්ශන උද්‍යානයක් ඉදි කිරීම, ආහාර අලෙවිසැල් ස්ථාපනය කිරීම, එම කුළුණේ සේවයේ යෙදවීමට අපේක්ෂිත කාර්යමණ්ඩල කණ්ඩායම් සඳහා කාර්යාල, නවාතැන් සහ යටිතල පහසුකම් ඒ ආශ්‍රිත පරිශ්‍රයේ ඉදි කිරීම, දැනට සැලසුම් කර ඇති රථගාල තවදුරටත් පුළුල් කිරීම ආදී සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කළ යුතු බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යපෘති පරිශ්‍රය ආශ්‍රිතව පිහිටි, නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 4 රූඩ් 3 පර්චස් 24.47ක ප්‍රමාණයේ ඉඩම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පවරා දීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here