Home දේශීය පුවත් ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය බත්තරමුල්ලට

ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය බත්තරමුල්ලට

0
ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය බත්තරමුල්ලට

අද උදෑසන 6.15 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතය බත්තරමුල්ලෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මිලි මීටර් 109.5 ක් බත්තරමුල්ලට ඇදහැලී තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව ත්‍රිකුණාමලට ලැබී ඇති වර්ෂාපතනය මිල මීටර් 106.9 ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අදත් ඇතිවිය හැකි බවය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here