Home උණුසුම් පුවත් ගුරු වැටුප් හරියට වැඩි නොකළොත් GMOA වෘත්තිය සමිති ක්‍රියාදාමයකට

ගුරු වැටුප් හරියට වැඩි නොකළොත් GMOA වෘත්තිය සමිති ක්‍රියාදාමයකට

ගුරු වැටුප් හරියට වැඩි නොකළොත් GMOA වෘත්තිය සමිති ක්‍රියාදාමයකට

ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා නොකරමින් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් කළහොත් බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා නොවුණහොත් නැවත 2003 වසරේ පැවති ආකාරයට වෘත්තී සමිති ක්‍රියාදාමයක් හට ගනු ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

වැටුප් පරිමාණය අනුපාතය ඉහළ දමමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙසත් ජාතික දීමනා ප්‍රතිපත්තියක් රාජ්‍ය සේවයට හඳුන්වා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා කීය.

වැටුප් පිළිබඳ යම්කිසි යෝජනාවක් හෝ විෂමතාවක් හෝ තිබේ නම් ඒ පිළිබඳව ජාතික වැටුප් කොමිසමෙන් විමසීම් කර පොදු එකඟතාවකින් එය නිවැරදි කළ යුතු බවද වෛද්‍ය ශෙනාල් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here