Home උණුසුම් පුවත් ගොවීන්ට වන්දි ඉල්ලා උසාවි යන බව සජිත් කියයි

ගොවීන්ට වන්දි ඉල්ලා උසාවි යන බව සජිත් කියයි

ගොවීන්ට වන්දි ඉල්ලා උසාවි යන බව සජිත් කියයි

ගොවි ජනතාවට සිදු වූ හානියට, ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලිය හේතු වූ බවත් ඔවුන්ට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොවි ජනතාවට නිර්දේශය කරන ලද පොහොර ලැබී නොමැති බවත්,වල් නාශක සහ කෘෂි රසායන ද්‍රව්‍ය ඉහළ යෑම නිසා ගොවියා පීඩාවට පත්ව ඇති බවත්,මේ හේතුවෙන් අස්වැන්න සහ ආදායම් අඩු වී ඇති බවත් හෙතෙම කීය.

මේ සියල්ල හේතුවෙන් ආණ්ඩුව ගොවි ජනතාවට වන්දි ගෙවිය යුතු බවත් ඒ මහතා පැවසීය. 

අද වන විට රටේ ගොවි ජනතාව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දී සිටි. ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවේ පොහොර වැඩපිළිවෙළ සහමුලින්ම ප්‍රෝඩාවක් බවත් ,ආණ්ඩුවේ හිතුවක්කාරී කටයුතු නිසා අසරණව ඇත්තේ ගොවිජනතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව මේ වනවිට ලබාදී ඇති පොහොර නිර්දේශිත පොහොර නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, වී නොවන බෝග වලට යෙදියයුතු පොහොර වී වගාවට ලබාදි ඇති  බවත් පැවසීය.

ඉතාම ස්වාධීන පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි කාබනික පොහොර වලින් ලැබෙන නිෂ්පාදන අස්වැන්න අඩුව ඇති බවත් රසායනික  පොහොර මගින් ලැබෙන අස්වැන්න වැඩි වී ඇති බවත් හෙළි වී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා මේ වන විට රජයේ අසාර්ථක ව්‍යාපෘති නිසා සීයට 40ක අස්වන්න කඩා වැටීමක් සිදු වී ඇතැයි ද පැවසීය.

රටට බත සපයන ගොවියා අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ඒ පීඩාව ආණ්ඩුවට නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන “ගොවි හදගැස්ම” පළමු පියවර ලෙස අද (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.

මේ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම පොහොර අර්බුදය හේතුකොටගෙන විශාල වගා බිම් ප්‍රමාණයක අස්වැන්න බොහෝ අඩු වී ඇති බවත්, ගොවීන් විශාල පිරිසක් ගොවිතැනින් ඉවත්ව ඇති බවත් එහි දී අනාවරණය විය.

තමන්ගේ අස්වැන්න අලෙවිකර ගැනීමට පවත්නා ගැටළු පිළිබඳව ද ගොවිජනතාව විපක්ෂනායකවරයාගේ අවධානයට යොමු කළ අතර, ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් ගොවි ජනතාව අදහස් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here