Home උණුසුම් පුවත් ඉන්දීය විදේශ ලේකම් දළදා වැඳ ත්‍රි’මලේ තෙල් ටැංකිත් බලා අද යාපනයට

ඉන්දීය විදේශ ලේකම් දළදා වැඳ ත්‍රි’මලේ තෙල් ටැංකිත් බලා අද යාපනයට

0
ඉන්දීය විදේශ ලේකම් දළදා වැඳ ත්‍රි’මලේ තෙල් ටැංකිත් බලා අද යාපනයට

සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) පෙරවරුවේ මහනුවරට ගොස් දළදා වහන්සේ වැදපුදා ගත්තේය.

නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලට යාමටද ලේකම්වරයා සූදානමින් සිටියත් නුවරඑළියේ පවතින අයහපත් කලගුණ තත්වය හමුවේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

අනතුරුව ඔහු ගමන් කිරීමට සූදානමින් සිටින්නේ ත්‍රිකුණාමලයටය. චීන වරායේ පිහිටි ටෙල්ටැංකි සංකීර්ණයේ නිර්ක්ෂණ චාරිකාවකට ඔහු එහිදී සම්බන්ධවනු ඇතැයි තතුදත් තොරතුරු අනවරණය කළේය.

ත්‍රිකුණාමලයේ සිට ඉන්දීය විදේශ ලේකම්වරයා අද සවස පලාලි ගුවන්තොටුපොලද නිරීක්ෂණය කරමින් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වෙන හමුවකට සහභාගිවීමට නියමිතව ඇත. අද දින යාපනයේ ගතකිරීමට මේ වන විට සැළසුම්කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කළේය.

හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් හමුවීමටද ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සැළසුම්කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට අමෙරිකාව බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දින මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඉන්දීය විදේශ ලේකම්වරයා විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡාවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here