Home දේශීය පුවත් ඉන්දියාවෙන් ගෙනා කෝටි 20 ක අයිස් අල්ලයි

ඉන්දියාවෙන් ගෙනා කෝටි 20 ක අයිස් අල්ලයි

0
ඉන්දියාවෙන් ගෙනා කෝටි 20 ක අයිස් අල්ලයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ හොර රහසේ උතුරු මුහුදු තීරයට ගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබුණු අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 10 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මුරුංකන් පොලීසිය ඊයේ (01) රාත්‍රියේ සමත් විය.

රාත්‍රී කාලයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට මුරුංකන් පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවක් කර තිබේ. එහිදී පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයක් පසු පස හඹාගොස් එය නතරකර පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 10 ක් හමුවී ඇත. කිලෝ 09 යි ග්‍රෑම් 920 ක් එහි අයිස් නැමැති මත්ද්‍රව්‍ය තිබුණු බව පොලීසිය සදහන් කරයි.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30 ත් 40 අතර පසුවන්නන්ය. වව්නියාවේ පදිංචිකරුවන් වන එම සැකකරුවන් මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කරමින් තිබී ඇත. වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ද එක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here