Home දේශීය පුවත් පළාත් කිහිපයකට අද තද වැසි

පළාත් කිහිපයකට අද තද වැසි

0
පළාත් කිහිපයකට අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි අතිවන බවත් දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here