Home උණුසුම් පුවත් මනූෂ නානායක්කාර රහස් පොලීසියට

මනූෂ නානායක්කාර රහස් පොලීසියට

0
මනූෂ නානායක්කාර රහස් පොලීසියට

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව කළ කැදවීමකට අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. දත්ත මැකීයාම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් එම ප්‍රශ්න කිරීමට මුල්වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුුඛ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, හර්ෂ ද සිල්වා, මුජබර් රහුමන්, ගයන්ත කරුණාතිලක, මයන්ත දිසානායක, කබීර් හෂීම් යන මහත්වරුන් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැදී සිටිනු දක්නට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here