Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ගෙනා කහ කිලෝ 1100ක් යාපනේදී අල්ලයි

ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ගෙනා කහ කිලෝ 1100ක් යාපනේදී අල්ලයි

1
ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ගෙනා කහ කිලෝ 1100ක් යාපනේදී අල්ලයි

ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රැගෙන පැමිණි කහ කිලෝ 1129 ක් යාපනය වලපුරම් හී බෝට්ටු දෙකක සඟවා තිබියදී යාපනය පොලීසියේ නිලධාරීන් සොයාගෙන තිබේ.

එම කහ තොගය ඇසුරුම් 24 ක් ලෙස බෝට්ටු දෙකේ තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

යාපනය කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ඊයේ මෙම කහ තොගය සොයාගෙන ඇත. කහ තොගය ප්‍රවාහනයට සම්බන්ධ බවට කරුණු අනාවරණය වූ සැකකරුවෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

1 COMMENT

  1. මෙම කහ තොගය වෙළදපොළ වටිනාකමට එම පුද්ගලයන්ගන් මිලදී ගෙන සතොස හරහා ජනතාවට අලෙවි කල යුතුය…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here