Home දේශීය පුවත් වයඹ මහා ඇමති අපේක්ෂකයා වීමේ දයාසිරිගේ අපේක්ෂාව

වයඹ මහා ඇමති අපේක්ෂකයා වීමේ දයාසිරිගේ අපේක්ෂාව

0
වයඹ මහා ඇමති අපේක්ෂකයා වීමේ දයාසිරිගේ අපේක්ෂාව

පළාත් සභා මැතිවරණයට වයඹ මහා ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සංධානයකින් ඉදිරියට පැමිණෙන්නම් බවද දයාසිරි ජයසේකර මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය වෙනුවෙන් කුරුණෑගල පැවති ලේ දන්දීමේ වැඩසටහනක් අතර තුර එහි පැමිණි දයාසිරි ජයසේකර මහතාගෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී වයඹ මහා ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දැයි මාධ්‍යවේදීන් විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කළේය.

පක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත ඇතිව පක්ෂය කියන්නේ නම් පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා ඉදිරිපත් වෙන්න සූදානම් බවද එහිදී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here