Home දේශීය පුවත් කුඩු සලිඳුගේ තිප්පොලකින් මත්කුඩු තොගයක් සමඟ මයික්‍රෝ අවියක් මතුවේ

කුඩු සලිඳුගේ තිප්පොලකින් මත්කුඩු තොගයක් සමඟ මයික්‍රෝ අවියක් මතුවේ

0
කුඩු සලිඳුගේ තිප්පොලකින් මත්කුඩු තොගයක්  සමඟ මයික්‍රෝ අවියක් මතුවේ

පානදුරේ කුඩු සලිඳු සැඟවී සිටි බව කියන යටදොලවත්තේ රන්දිල වත්තේ පළමු කොටසේ අළුතින් ඉදිකරගෙන යමින් ඇති නිවසක් පරීක්ෂා කළ විශේෂ කාර්ය බලකාය එහි සඟවා තිබී මත්ද්‍රව්‍ය තොගයක් සමග මයික්‍රෝවර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබේ.

නිවසේ දෙවැනි මහලේ සඟවා තිබුණු එම මත්කුඩු තොගය අතර හෙරොයින් කිලෝ 01 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55 ක් සහ මත්කුඩුවල බර මැනීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රෝනික් තරාදියක් තිබුණු බව පොලිස් විශේෂ කාරිය බලකාය සදහන් කරයි.

මෙහිදී සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැති අතර විමර්ශන සදහා මත්කුඩු සමග ගිනි අවිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයැවීමෙන් විශේෂ කාර්ය බලකා මූලස්ථානය විසින් මෙම මෙහෙයුම ඊයේ දින දියත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here