Home දේශීය පුවත් සංචාරක ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාව

සංචාරක ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාව

0
සංචාරක ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාව

ඉදිරි මාස තුනක කාලය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂි වර්ධනයක් අපේක්ෂාකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අපේක්ෂා කරයි.

ලබන වසරේ සිට මෙරටට පැමිණෙන දෛනික සංචාරකයින්ගේ අපේක්ෂාව වී ඇත්තේ 5000 කි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ කඩාවැටුණු මෙරට සංචාරක කර්මාන්තයට නව පණක් ලබාදීමට මේ වන විට රජය ගන්නේ දැඩි වෙහෙසකි. සංචාරක මණ්ඩලයේ සංඛ්‍යා දත්ත පෙන්වාදෙන ආකාරයට අනුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මෙරටට කිසිදු සංචාරකයෙක් පැමිණ නැත. දෙසැම්බර් මාසයේදී පැමිණ ඇත්තේද සංචාරකයින් 393 දෙනෙක් පමණි.

මෙම වසරේ ද අගෝස්තු මාසය දක්වා මාස 08 ක කාලය තුළ පවා මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 24,377 දෙනෙකි. මෛ් කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අගෝස්තු මාසයේදීය. එම ගණන 5040 දෙනෙකි. අගෝස්තු මාසයේද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ යුරෝපයෙනි. එම ගණන 2425 දෙනෙකි. ඒ අනුව පෙනී යන්නේ අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් සියයට 48.1 ක්ම යුරෝපීයන් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here