Home උණුසුම් පුවත් සමාජ මාධ්‍යට ගිය බුද්ධි වාර්තාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කථාකරයි

සමාජ මාධ්‍යට ගිය බුද්ධි වාර්තාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කථාකරයි

0
සමාජ මාධ්‍යට ගිය බුද්ධි වාර්තාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කථාකරයි

Interschool නමින් වට්ස්ඇප් කණ්ඩායමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවත් මේ ආකාරයේ තොරතුරු බුද්ධි අංශවලට ලැබුණු විට වැඩිදුර විමර්ශන සදහා ඒවා ඉහළ නිලධාරීන් අතරට යොමු කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

ගැටළුව වී තිබෙන්නේ එම තොරතුර සම්බන්ධයෙන් නොව, වැඩිදුර සොයා බැලීමක් සදහා ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට යොමුකල එම බුද්ධි තොරතුර එහෙම් පිටින්ම ලිපි ශීර්ෂ සහිතව සමාජ මාධ්‍ය ජාල වල හුවමාරුවීම බවද නිහාල් තල්දූව මහතා පැවසීය. තමන්ට ලද තොරතුරක් නිසි අංශ මගින් වැඩිදුර තහවුරු කරගැනීමක් සදහා ඉහළ නිලධාරීන්ට යොමු කළ එම බුද්ධි තොරතුර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරියේ කවුරුන් විසින්දැයි යම් සොයා බැලීමක් ඉදිරියේදී සිදුවනු ඇතැයිද නිහාල් තල්දූව මහතා පැවැසීය.

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ පොලීසියේ තොරතුරු හුවමාරුවන්නේ වට්ස්ඇප් මගින් බවද නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

මෙවැනි බුද්ධි තොරතුරු ඉහළ නිලධාරීන්ට දැනුම්දීම් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සාමාන්‍යයෙන් සිදුවනක් බව මෙන්ම මේ ආකාරයේ විශාල ප්‍රමාණයක් බුද්ධි තොරතුරු පොලීසිය තුළ හුවමාරුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධවෙයන් ⁣ෙපාලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අද සවස නිවේදනයක් නිතුත්කළේය. එම නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here