Home දේශීය පුවත් Interschool ගැන බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම

Interschool ගැන බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම

0
Interschool ගැන බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම

Interschool නමින් වට්ස්ඇප් කණ්ඩායමක් ක්‍රියාත්මක බවත් එය අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් බවටත් සදහන් කරමින් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ බුද්ධි තොරතුරක් සමාජ මාධ්‍ය වල මේ වන විට සැරිසරමින් පවතී.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයෙන් සහ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසුමකදී එම තොරතුර නිවැරදි තොරතුරක් බව තහවුරු විය.

බස්නාහිර බුද්ධි කොට්ඨාශය විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එම බුද්ධි තොරතුරෙන් දැනුම් දී ඇත්තේ මෙම සමාජ මාධ්‍ය ජාලයට සම්බන්ධ වුවහොත් නැවත ඉවත්වීමට හැකියාවක් නොමැති බවකි. ඒ සම්බන්ධයෙන් සුදුසු අංශයක් මගින් විමර්ශනයක් පවත්වන ලෙසද එමගින් බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට යෝජනා කර තිබේ.

මෙම බුද්ධි තොරතුර පසුගිය 23 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර ඇති අතර 24 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයට ලැබී ඇති බව සදහන්ය.

අනතුරුව එම තොරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලය මගින් බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුට යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here