Home COVID මොඩර්නා එන්නත දෙන අය ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

මොඩර්නා එන්නත දෙන අය ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

මොඩර්නා එන්නත දෙන අය ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අදාළ එන්නත් ලබාගැනීමට නම් විදෙස් ගතවන බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්යය බව හෙතෙම පෙන්වා දෙයි.

දේශීය විශ්වවිද්‍යාල සඳහා යන සිසුන්ට මොඩර්නා හෝ ෆයිසර් එන්නත දෙන බවට මෙතෙක් තීරණයක් ගෙන නැති බවද යුදහමුදාපති සඳහන්‌ කළේය.

මොඩර්නා එන්නත ගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here