Home දේශීය පුවත් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන පොලිස් නිලධාරීන්ගේ පැටිකිරිය සොයන්න රාජ්‍ය සේවා කොමිසම තීරණය කරයි

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන පොලිස් නිලධාරීන්ගේ පැටිකිරිය සොයන්න රාජ්‍ය සේවා කොමිසම තීරණය කරයි

0
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන පොලිස් නිලධාරීන්ගේ පැටිකිරිය සොයන්න රාජ්‍ය සේවා  කොමිසම තීරණය කරයි

දේශපාලන පළිගැනීම් වලට ලක්වූ බව කියන නිලධාරීන්ට සහන ලබාදීම එම නිලධාරීන් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිසම විසින් තීරණය කර ඇත.

දේශපාලන පළිගැනීම් කොමිසම විසින් දේශපාලන පළිගැනීම් වලට ලක්වූ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් කර නිර්දේශ රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත්කර තිබුණි. එම නිර්දේශ අමාත්‍යා මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. පසුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවා කොමිසමට එය අමාත්‍ය මණ්ඩලය විසින් යොමුකර තිබේ.

මාස තුනකට වැඩි කාලයක් මේ වන විට ගතවී ඇතත් මෙතෙක් රාජ්‍ය සේවා කොමිසම එහ නිර්දේශ එකක් වත් ක්‍රියාත්මක කර නැත.

රාජ්‍ය සේවා කොමිසමේ මතය වී ඇත්තේ එම නිර්දේශ සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදුකල යුතුව ඇති බවය. සැබෑ ලෙසම එහි සදහන් නිලධාරීන් දේශපාලන පළිගැනීම්වලට ලක්වී තිබේදැයි සොයා බැලිය යුතුව ඇති බවද කොමිසමේ මතය වී තිබේ. එහි ඇති ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළහොත් පොලීසියේ පරිපාලනය කඩා වැටීමට ඉඩ ඇති බවත් නඩු පිට නඩු වැටීමේ අවධානමක් ඇති බවත් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

රාජ්‍ය සේවා කොමිසම ක්‍රියාත්මක වන්නේ ස්වාධින කොමිසමක් ලෙස බැවින් කැබිනට් කීරණයක් වූවත් තමන්ට ක්‍රියාත්මක කිරීමට සිදුවුවහොත් ඒ ගැන සොයා බැලීමක් කිරීමේ වගකීමක් පවතින බවත් එසේ නොමැති වුවහොත් කොමිසමේ අනන්‍යතාවට විශාල හානියක් සිදුවන බව කොමිසමේ සාමාජිකයන්ගේ මතය වී ඇතැයිද එමබ නිලධාරියා කීය. මෙම කොමිසමෙන් රාජ්‍ය සේවකයින් බලා පොරොත්තු වන්නේ යුක්තිය හා සාධාරණත්වය බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ සියළු සාමාජිකයන් පෙනී සිටින බවත් එම නිලධාරියා කීය.

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ එහෙම් පිටින්ම ඒ ආකාරයට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයටද අවශ්‍යතාවක් තිබුණි නම් එය පොලීසිය භාර අමාතයාංශයට යොමුකර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට තිබුණු බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here