Home දේශීය පුවත් එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව මිය යයි

එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව මිය යයි

0
එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව මිය යයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එළියන්ත වයිට් මහතා අද රාත්‍රියේ මිය ගියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙසද පෙනී සිටියේ ඔහුය.

කොවිඩ් 19 වෛරසය මෙරට ව්‍යාප්තවෙමින් පැවතියදී විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තියෙන් කොවිඩ් පරාජය කිරීමට හැකි බව සදහන් කරනු ලැබුවේ එළියන්ත වයිට් මහතාය. මැති ඇමතිවරු කිහිප දෙනෙක් මෙරට ගංඟාවලට මුට්ටි අතහැරියේ එළියන්ත වයිට් මහතාගේ විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තියෙන් කොවිඩ් 19 වෛරසය පරාජය කරන්නටය.

ඉන්දියාවේද කොවිඩ් ව්‍යාප්තිය දැඩිව පවතින අවස්ථාවේදී ඔහු එරටටද ගොස් සිට විශ්වාසය පදනම් කරගනිමින් කොවිඩ් පාලනය කිරීමට ඉදිරිපත් වී තිබුණි.

එළියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදිතව අසාධ්‍යව රෝහල්ගතව මිය යන්නේ මෙවන් වටාපිටාවක් ඔහු සම්බන්ධයෙන් පැවතියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here