Home දේශීය පුවත් දරුවන්ට එන්නත්කරණයේ දී උසස් පෙළ සිසුන්ට ප්‍රමුඛතාවය

දරුවන්ට එන්නත්කරණයේ දී උසස් පෙළ සිසුන්ට ප්‍රමුඛතාවය

0
දරුවන්ට එන්නත්කරණයේ දී උසස් පෙළ සිසුන්ට ප්‍රමුඛතාවය

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත මුලින්ම ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here