
ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනකු ඉන්දියාවේ දිල්ලි ගුවන්තොටුපලේදී පරීක්ෂා කළ රේගු නිලධාරීන්ට සැකකටයුතු කිසිවක් සොයාගත නොහැකි වී ඇත.
එහෙත් තවදුරටත් සැකය නැතිකර ගැනීමට අකමැති වූ රේගු නිලධාරියකු ඔවුන් සමඟ කතාවට වැටුණි.
බොහොම සිනාවෙන් කතා කළ උස්බෙකිස්ථාන ජාතික ගුවන් මගියකුගේ සිනාවේ කුමක් දෝ අමුත්තක් දුටු රේගු නිලධාරියා ඔහු තවදුරටත් සිනාගැස්වූයේ සැකහැර දැකගැනීමට ය.
මෙම ගුවන් මගියා යළි කාමරයට ගෙනගොස් හිදුවා යළි වෙන විදියකට පරීක්ෂා කරන්නට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.
ඔවුන්ට හමුවූයේ ග්‍රෑම් 95ක රත්රන් දත් කුට්ටමකි. එපමණක් නොව මුව තුළ රන් මාලයක් ද සඟවා තිබී ඇත.
දත් කුට්ටමක් ලෙස සැකසූ ස්ටර්ලින් පවුම් 4000ක් පමණ වටිනාකමැති රත්තරන් ග්රෑම් 95 ක යෝධ දත් කුට්ටම වහා රේගු භාරයට ගෙන ඇත.