Home දේශීය පුවත් මාස 06 ක ජලබිල් කෝටි 842 ක් මණ්ඩලයට ලැබිල නැහැ

මාස 06 ක ජලබිල් කෝටි 842 ක් මණ්ඩලයට ලැබිල නැහැ

0
මාස 06 ක ජලබිල් කෝටි 842 ක් මණ්ඩලයට ලැබිල නැහැ

මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා මාස 06 ට පමණක් ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් රුපියල් කෝටි 842 ක මුදලක් අයවිය යුතුව ඇතැයි ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා සදහන් කරයි.

මෙම මුදල ජල පරිහරණය වෙනුවෙන් පාරිභෝගිකයින් විසින් මණ්ඩලයට ගෙවිය යුතු හිඟ මුදල්ය.

කොවිඩ් තත්වය හේතුවෙන් ජනතාව බිල් නොගෙවුවත් ජලය විසන්ධි කිරීමක් සිදුනොවූ බවද ලේකම්වරයා සදහන් කරයි.

එහෙත් මේ වන විට ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බැවින් මෙම හි හිඟ මුදල් රැස්කර ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මාසයේ බිල්පත් පාරිභෝගිකයන්ට නිකුත් කිරීමේදි හිඟ බිල්පත් ඇති පාරිභෝගිකයන්ට රතු නිවේදන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here