Home දේශීය පුවත් කාන්තාවන්ටත් පොලිස්පති වෙන්න පාරේ කැපේ

කාන්තාවන්ටත් පොලිස්පති වෙන්න පාරේ කැපේ

0
කාන්තාවන්ටත් පොලිස්පති වෙන්න පාරේ කැපේ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් අනාගතයේ කාන්තාවකටත් පොලිස්පතිධූරය දක්වා ඉහළට ගමන් කිරීමේ අවස්ථාව උදාකර දෙමින් කාන්තා නිලධාරීනියක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයක් වෙන් කිරීමට පොලිස් මූලස්ථානය කළ යෝජනාවකට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම තනතුරක් දරමින් සිටින කාන්තා නිලධාරිනිය වන්නේ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියයි. ඇය වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිධුරය දරන්නීය.

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ කාන්තා නිලධාරිනනියන් වෙනුවෙන්ද මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිධුර 04 ක් ලබාදීමට රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබාදී ඇති බවය.

එහෙත් මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිධුරයේ ස්ථිර පත්වීම් ලැබීමට සුදුසුකම් ලැබූ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් නොමැති බැවින් බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියට මෙන් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකුට වැඩ බැලීමේ පදනම මත එම පුරප්පාඩු සම්පූර්ණ කරන බවය.

ඒ අනුව පරියේෂණ සහ සංඛ්‍යා ලේඛන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි රේණුකා ජයසුන්දර, පොලිස් සුභසාධන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි පද්මිණී වීරසූරිය, රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනී ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්න යන නිලධාරිනියන්ට නුදුරේම වැඩ බලන පදනම මත නියෝජ්‍ය පොලිස්පතිධුර හිමිවනු ඇත.

මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 12 දෙනෙක් ද සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

එම උසස්වීම් වලට අදාලව නියෝගයද ඉදිරි දින කිහිපය තුළ පොලිස් මූලස්ථානය විසින් නිකුත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here