Home උණුසුම් පුවත් “ලොහාන්ගේ පිස්තෝලය පවරාගන්න- එය ජනතාවට තර්ජනයක්”- මන්ත්‍රී සුමන්තිරන්

“ලොහාන්ගේ පිස්තෝලය පවරාගන්න- එය ජනතාවට තර්ජනයක්”- මන්ත්‍රී සුමන්තිරන්

“ලොහාන්ගේ පිස්තෝලය පවරාගන්න- එය ජනතාවට තර්ජනයක්”- මන්ත්‍රී සුමන්තිරන්

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිද්ධීන්ට සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසට එරෙහිව වහාම නඩු පැවරීම සහ අත්අඩංගුවට ගැනීම ඇතුළු නීතිමය පියවර ගත යුතු බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ලොහාන් රත්වත්තේ මහතා සතුව ඇති පිස්තොලය වහාම බාරගත යුතු බවත් නොඑසේ නම් එය ජනතාවට තර්ජනයක් බවත් ඔහු අවධාරණය කර සිටී.

එක් රාජ්‍ය අමාත්‍ය ධුරයකින් ඔහු ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඔහුගේ පිස්තෝලය රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් ඉඩදීම පිළිබඳ සොයාබැලිය යුතු බවද ඔහු කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here