Home උණුසුම් පුවත් උසස් පෙළට ශිෂ්‍යත්වයට සැලකිය යුතු අයදුම් පත්‍ර ගණනක් ලැබෙයි

උසස් පෙළට ශිෂ්‍යත්වයට සැලකිය යුතු අයදුම් පත්‍ර ගණනක් ලැබෙයි

0
උසස් පෙළට ශිෂ්‍යත්වයට සැලකිය යුතු අයදුම් පත්‍ර ගණනක් ලැබෙයි

මෙවර උසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය වූ අද පෙරවරුව වන විට ඉතා අඩු අයදුම්පත් ගණනක් ලැබී තිබුණත් කාලය නැවත දීර්ඝ කිරීමක් නොකිරීමට තිරණය වීමත් සමග සවස් වන විට සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව උසස් පෙළ සදහා අයදුම්පත් දෙලක්ෂ හතලිස් නව දහස් අටසිය හතලිස් එකක්ද 05 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් දෙලක්ෂ හතලිස් තුන්දහස් හත්සිය හතරක් ලැබී ඇතිබවත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන්ට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් සකස්කර අවසන් කර තිබූණත් වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් ඒවා විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර නොතිබුණි. විදුහල්පතිවරු කිහිප දෙනෙක්ම සදහන් කරනු ලැබුවේ විභාග අයදුම් කිරීමේ කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරතව සිටියත් දරුවන්ගේ අනාගතය ගැන අවධානය යොමුකරමින් එම අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අද පියවර ගත් බවය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද උදෑසන සදහන් කරනු ලැබුවේ මෙතෙක් උසස් පෙළට ලැබී ඇත්තේ අයදුම්පත් 2922 ක් සහ ශිෂ්‍යත්වයට අයදුම්පත් 6589 ක් පමණක් බවය.

විභාග දෙපාර්තමේන්තුව එම අවස්ථාවේදී සදහන් කරනු ලැබුවේ සියයට 92 ක් අයදුම්පත් ලැබී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here