Home උණුසුම් පුවත් අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට උදිත් ලොකුබණ්ඩාර

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට උදිත් ලොකුබණ්ඩාර

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට උදිත් ලොකුබණ්ඩාර

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උදිත් ලොකුබණ්ඩාර මහතාට ඊට අදාළ පත්වීම් ලිපිය අද (09) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ලබා දුනි.

උදිත් සංජය ලොකුබණ්ඩාර මහතා කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාර මහතාගේ දෙටු පුත්‍රයාය.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදිත් ලොකුබණ්ඩාර මහතා 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැසක නියෝජිතයකු ලෙස කටයුතු කළ උදිත් ලොකුබණ්ඩාර මහතා කලක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළේය.

2015 මැතිවරණයෙන් පසුව පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ද සේවය කළ ඒ මහතා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හැදෑරූ උදිත් ලොකුබණ්ඩාර මහතා ලන්ඩන් වාණිජ මණ්ඩලයේ අලෙවිකරණ ඩිප්ලෝමාව සහ වරලත් අලෙවි කළමනාකරණ වෘත්තියවේදියෙකු ලෙස ද කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here