Home දේශීය පුවත් සන්ෂයින් සුද්දාගේ ඝාතනයට හරක් කටාගේ ගෝලය ෙක් කොටුවේ

සන්ෂයින් සුද්දාගේ ඝාතනයට හරක් කටාගේ ගෝලය ෙක් කොටුවේ

0
සන්ෂයින් සුද්දාගේ ඝාතනයට හරක් කටාගේ ගෝලය ෙක් කොටුවේ

පාතාලයේ ගෝඩ්ෆාදර් වරයෙක් ලෙස වැජඹුනු මාකඳුරේ මධුෂ් ගේ සමීපතයෙක් බව කියන සන්ෂයින් සුද්දාගේ ඝාතනයට මාතර කොටුවිල දී සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ඩුබායිහි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් සහ පාතාල අපරාධකරුවෙක් වන හරක් කටා නැමැත්තා ගේ ගෝලයෙක් ලෙස මෙම පුද්ගලයා ව හඳුනාගෙන ඇත.

ගනේෂ නැමැති එම පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර මැද්දවත්ත කාර්යාලයේ සේවයේ නිරතව සිටින පුද්ගලයෙක් බව පොලිසිය හඳුනාගෙන තිබේ.

ඩුබායි සිට හරක් කටා ලබා දෙන උපදෙස් වලට අනුව සන්යිෂන් සුද්දාගේ ඝාතන සැලසුම මෙහෙයවා ඇත්තේ ගනේෂ් නැමැති මෙම සැකකරු බව විමර්ශන වලින් පෙනී යන්නනේයැයි උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here