Home දේශීය පුවත් මෙරට කොවිඩ් මරණ 185 කින් ඉහළට

මෙරට කොවිඩ් මරණ 185 කින් ඉහළට

0
මෙරට කොවිඩ් මරණ 185 කින් ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ දින මරණ 185 ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරුකර තිබේ.

කාන්තාවන් 83 දෙනෙක් සහ පිරිමින් 102 දෙනෙක් එසේ මිය ගොස් ඇත.

අවුරුදු 60 ට වැඩි පුද්ගල මරණ 140 ක්ද අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 44 ක්ද අවුරුදු 30 අඩු එක් මරණයක්ද ඒ අතර වෙතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම මරණ 185 ත් සමග මේ වන විට මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 10,689 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here