Home දේශීය පුවත් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීමට අයෙක් සී.අයි.ඩී. අත්අඩංගුවට

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීමට අයෙක් සී.අයි.ඩී. අත්අඩංගුවට

0
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීමට අයෙක් සී.අයි.ඩී. අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සැකපිට එක් අයෙක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව එසේ අත්අඩංගුවට ගෙන ඇත.

කෙරුණු විමර්ශන වලදී දත්ත මැකීයාම සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. එම කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට දිනයේ අධිකරණයට වාර්තා කිරීමට සූදානම්ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here