Home COVID කොවිඩ් වලින් එකම පවුලේ මව , පියා සහ දියණිය මියයයි

කොවිඩ් වලින් එකම පවුලේ මව , පියා සහ දියණිය මියයයි

0
කොවිඩ් වලින් එකම පවුලේ මව , පියා සහ දියණිය  මියයයි

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් වෛරසය ආසාදිතව මිය ගොස් ඇත.

ඒ අඹුසැමි යුවලක් සහ දියණියකි.

මව සහ දියණිය ඊයේ මිය ගොස් ඇති අතර පියා මිය ගොස් ඇත්තේ දින දෙකකට පෙරය. මව 51 වියේත් පියා 52 වැනි වියේත් දියණිය 37 වැනි වියේත් පසුවී ඇත. මේ තිදෙනාම කොවිඩ් ආසාදිතව නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිට ඇත.

පියා මිය ගිය පසු ඒ බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට දැනුම් නොදී මෘත දේහය වෙප්පමඩුව සුසාන භූමියේ භූමදානය කර තිබේ. ඒ බව අනාවරණය වී ඇත්තේ මවත් දියණියත් ඊයේ මිය යාමත් සමගිනි. ඒ අනුව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ඒ බව පුත්තලම මූලස්ථාන පොලීසියට පැමිණිලිකර ඇත. පොලීසිය සදහන් කරන්නේ මළ සිරුර භූමදානය කිරීමට අවසරය ලබාදී ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා බවය. ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයාගෙන්ද පොලිසිය අද ප්‍රකාශ සටහන්කර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවත් ඒ අනුව ඉදිරි දිනක මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා යොමු කෙරන බවත් පුත්තලම පොලීසිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here