
මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බවය.
“මෙරටට වාහන ආනයනය තාවකාලිකව නතර කළේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා. අපේ විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූලව විසඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
එතෙක් කර්මාන්ත ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදීලා තියෙනවා. ඒ කටයුතු පෞද්ගලික අංශය මගින් තමයි සිදු කරන්නේ.”
විදේශ සංචිත අර්බුදය හමුවේ මෙරට වාහන ආනයන තහනම පැනවූයේ 2020 සිටයි.
මේ වනවිට රට තුළ භාවිත කළ වාහනවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත්තේ කිසිසේත් නොවටිනා මිලගණන්වලට ය.
වසර 20ට වඩා වැඩි භාවිත කළ වාහන පවා මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ දැමීම පසුපස වාහන සේල් හිමිකරුවන් කිහිපදෙනකු සිටින බවට වාර්තා පළවිය.
ඔවුන් අනාගතයේදී අධික මිලක් ස්ථාවරව පවත්වාගෙන යාම උදෙසා නිවෙස්වල භාවිත කොට අලෙවියට තබා ඇති වාහන විශාල ලෙස රැස් කරමින් සිටින බවට ද සුළු පරිමාණ වාහන අලෙවිකරුවන්, ආනයනයකරුවන් චෝදනා කර තිබේ.
කෙසේවෙතත් ගෝලීය වසංගතය ක්‍රමානුකූලව ආර්ථිකයට කරන බලපෑම අවම වෙමින් ආර්ථික ස්ථාවරත්වයට සෙමින් පත්වන විට ශ්‍රී ලංකාවට ද ඉදිරියේදී විදේශ සංචිත ගැටලුව විසෙඳන විට එම වාහනවල අධික මිල විශාල වශයෙන් පහත වැටීමේ ඉඩක් ද පවතින බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති.